කාලෙකින් post එකක් දාන්න බැරි උනේ L3 project වලටයි CIMA exam  වලටයි හිරවෙලා හිටපු නිසයි. L3 project එක කලේ sahana project එකක්. පොඩි image processing  කෑල්ලකුයි OCR  කෑල්ලකුයි තමයි තිබුනෙ. එක කරද්දි මට OCR  වලට නියම engine එකක් හමුවුන. එකෙ නම Tesseract. 


 මුලින්ම code එක build කර ගන්න බැරිනම් site එකෙන් exe එක සහ language  files බාගෙන ( tesseract-2.04.exe.tar.gz , tesseract-2.01..tar.gz )  tesseract එක unzip කරල ඒකට tessdata folder එකක් දාල tessdata folder එකට language files unzip කරන්න. ඊට පස්සෙ command prompt  එකෙන් tesseract exe එක  මෙ විදියට run කරන්න. tesseract  . output file එකට out.txt කියල දෙන්නකො. 




අවුලකට තියෙන්නෙ මේක වැඩ කරන්නෙ uncompressed .tif images වලට විතරයි. compressed images වලට කරන හැටි site එකෙ ඇති. tessting වලට image samples, code එකත් එක්ක බාගන්න පුලුවන්. Recognition  නියමෙට කෙරෙනව. ඕන නම් වෙන language  එකකට train  කරන්නත් පුලුවන්. වැඩ කරල බලල හොඳ නරක කියන්නකො. 

අයියෝ.... level 3 project වැඩ වලට හිරවෙලා blog post එකක් වත් දාන්න බැරි උනා. කාලෙකට පස්සේ දාන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්න කොට "සියපත" පත්තරේ තිබිලා නියම ලිපියක් හමු උනා බොබ් මාලේ ගැන. මට හිතුන ඒකෙ තිබුනු ඡේදයක් ලියන්න.

                "පසුගිය 2008 බෙයිජිං ඔලිම්පික් උළෙල ඉතා මනස්කාන්ත දැක්මක් විය. චීන්නු ස්වකීය සෞන්දර්ය කාමයත්, නිර්මාණශීලී හැකියාවත් විද්‍යාත්මක දැනුමත් ලොවටම ප්‍රකාශ කලහ. එයට අමතරව ලෝක ඉතිහාසයේ කිසිම ධාවන තරගයකදී නොවූ සිදුවීමක් ද සමස්ත ඔලිම්පික් තරගාවලියේ උණුසුම් ම ඉසව්ව වූ මීටර් 100 අවසාන මහා තරගයේදී සිදුවිය. එනම් එක් තරගකරුවෙක් නටමින් ධාවනයේ යෙදීමයි. නටමින් ධාවනයේ යේදී වුවද ඔලිම්පික් වාර්තාව පමණක් නොව ලෝක වාර්තාව ද බිඳ දමමින් මීටර් 100ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඔහු උසේන් බෝල්ට්ය.

               "ඔහුද බොබ් මාලේ මෙන් ම ජැමෙයිකාවේ කලු අප්‍රිකානුවෙකි. අවසාන මීටර් 20 ඔහු දිව්වාට වඩා නැ‍ටුවා යැයි කිව හැකිය. පසුව නොර්වේ විද්්‍යාඥයන් ‍රැසක් එක්ව එහි වීඩියෝ දර්ශන ආශ්‍රයෙන් පරීක්ශණයක් කළහ.ඒ පරීක්ශණයේ නිගමනය වූයේ උසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් දිවූවේ නැත්නම් ඔහුට තත්පර 9.68 කින් නොව 9.59 කින් තරගය අවසන් කිරීමට හැකිවන බවය. නැ‍ටුම නිසා ඔහුගේ වේගය අඩාල වූ බවය. මේ පරීක්ශණයෙන් හා නිගමනයෙන් පෙනෙන්නේ සුදු ගොන් මොලයේ තරමය. සුදු ජාතිකයන්න්ට නැති මේ කලු ජාතික ජවය උපදින්නේ ජීවිතය වින්දනය කිරීම සඳහා වන කලු අප්‍රිකානුවන්ගේ ආසාව හා පුරුද්ද තුලින් බව ඔවුන්ට නොවැටහේ. උසේන් බෝල්ට් තරඟ කලේ අනුන් පැරදවීමට නොව තමාම ජයග්‍රහණය කිරීමටය. තමාගේ වින්දනය උදෙසාය. නරඹන්නන්ගේ වින්දනය උදෙසාය. සුද්දන්ගේ එකම අරමුණ ලෝක වාර්තාව වුවත් මේ කලු අප්‍රිකානුවන්ට ලෝක වාර්තා වලට වඩා වටිනා දේවල් තිබේ. උසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් පෙන්නුවේ එයයි. එහෙත් මේ සැහැල්ලු ආකල්පය නිසාම සුද්දන්ට බිඳිය නොහැකි ලෝක වාර්තා තැබීමට කල්ලන්ට හැකිවී තිබේ. වහලා වහල් හිමියා තරම් වහලෙක් නොවේ. වහලා වන කලු අප්‍රිකානුවාට වඩා වහල් හිමියා වන සුද්දා තවමත් වහලෙකි. බොබ් මාලේ මහන්න්සි වූයේ මේ සත්‍ය ලොවට පැවසීම උදෙසාය."

පාළුව තනිකම
විත් මගෙ මනසැට
කොදුරා කීවත්
මා තනියැයි ලොව
ඔබේ සුවඳ පොද
මා හද මඩලේ
ගැඹුරුම තැන හිඳ
විලාප දෙයි මට
මා තනි නැති බව......

ඔබ මාගේමැයි
මා ඔබගේමැයි
සිත කොදු‍රැයි මට
පහදා දෙනුමැන
සොඳුරිය මා හට
මගෙ සිතිවිලි අද
අවනත නැත මට
මේ සිත මගෙමද
වැටහෙනු නෑ මට.............

"චිංගිස් ආයිත්මාතව්ගේ" ගුරු ගීතය මට හමුවූයේ මීට වසර 5 කට පමණ පෙරය. එදා මෙදා තුර මාගේ මතකයේ ‍රැදීමට සමත් වුණු එකම පොත එය බව මා පවසූවොත් මා නිවැරදිය. මා පොත් ලෝලියකු හෝ විචාරකයකු නොවූ නිසා එහි ගැබ්වුණු අතිශය සංකීරණ කරුණු මට නොවැටහුනද, රචකයා තම අදහස පාඨකයාගේ ඇතුලන්තයට කිඳා බැස්වීමට පරිසරයේ සිදු වී ඇති වෙනස්කම් යොදා ගැනීම මා සිත් ගත්තේය.

පසුගිය දිනක මට හමුවූ "ජමිලා" පොතද ඒ හා සමාන ලෙස මා හිතට කාවැදුනු ඔහුගේ අනර්ඝ කෘතියකි.

මෙහිදී සෝවියට් රුසියාවේ එවකට පැවති සමාජ ක්‍රමය පිළිබඳව මනා විග්‍රහයක් කෙරෙන අතර ජමීලා නැමති තරුණිය හා දනියාර් නැමති ආබාධිත සොල්දාදුවා පිළිබඳ කතා නායකයා හෙවත් "සෙයිට්ගේ" රාමුව තුල කෙරෙන විග්‍රහයක් මෙම නව කතාව පුරාවට දිගැහරෙයි.

කතාව ආරම්භ වනුයේ සෙයිට්ගේ යෞවුන් වියේදී ඔහු ඇඳි සිතුවමක් දෙස බලා එයට පාදක වුණු කතාන්තරය විස්තර කරන ඔහුගේ වදන් වලිනි. පොත පුරාවට දිගහැරෙන සුන්දර කතාවේ එක්තැනකදී දානියර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දානියර්ව විස්තර කරන ආකාරය මගේ සිතට තදින් කාවැදිනි.

"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත. එය සප්‍රාණික පුද්ගලයකුට ආලය කිරීමක් නොව, පොදුවේ ජීවිතයට හා මවුබිමට ආලය කිරීමකි. ඔහු එම ආල්ය සඟවාගෙන, එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජීවන ශක්තිය ලබා ගත්තේය. කොතරම් හොඳ කට හඩක් තිබුනද උදාසීනත්වයෙන් පෙලෙන්නෙකුට එලෙස ගායනා කල නොහැක. "

කතාවේ අවසානය මට ගෙනදුන්නේ ඉතා ශෝඛාකූල හැගීමකි.

"මගේ ඉතාම ආදරණීය සහ මට ඉතාම සමීප දෙදෙනා ගෙන් මම සමුගතිමි. මහ පොළොවේ වැතිර සිටි මට හිටි හැටියේම මා ජමිලාට ආලය කරන බව වැටහිණි. ඔව්, එය මාගේ ප්‍රතම කුළුදුල් ළමා ආලය විය. තෙතබරි වැලමිටි වලට හිස තද ක‍රැගෙන මම බොහෝ වේලාවක් වැතිර සිටියෙමි. මා සමුගත්තේ ජමිලාගෙන් සහ දනියාර්ගෙන් පමණක් නොවේ. මගේ ළමා වියෙන් පවා මම සමු ගත්තෙමි "

එය ඉතා සංවේදීය. ඒ සංවේදි හැගීම් විසින් මා මේ සටහන තැබීමට පොළඹවන ලද්දා විය යුතුය......


මට මේ දවස් ටිකේම news වල අහන්න ලැබුනෙ campus වල යන වලි ගැනමයි. ඔන්න ඔහොම ඉන්නකොට මට හම්බවුනා නියම film එකක්. ඒකෙ නම Freedom Writers. එකේ කතා තේමාව වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ තියන ඉස්කෝලයක් ගැන. ඒ ඉස්කෝලෙ ළමයි ඉන්නෙ gangs වලට බෙදිල. සුදු-කලු කියන බේදය මෙකෙ ගොඩක් දුරට තිබුනා. ඕනම දෙයක් ඉවර උනේ උන්ඩයෙන්. මේ අතරෙ මේ පන්තියට අලුතින් teacher කෙනෙක් එනව. මේ එයා මුලින්ම උගන්නන්න එන ඉස්කෝලෙ. හැබයි ළමයි ට්ක නම් ඉගෙන ගන්න ලෑස්ති නැහ. ඒත් මේ teacher තමන්ගෙ පවුල ගැනවත් හිතන්නෙ නැතුව කොහොම හරි මේ ළමයි ටික ගොඩ ගන්න මාර උත්සාහයක් ගන්නව. මේ video එකේ තියෙන්නෙ සුදු ජාතික ළමයි ටික කළු ළමයෙකුට නෝන්ඩි කරන්න හදපු වෙලවෙ teacher කරපු කතාව. මේ කතාව ගොඩක් ළමයින්ගෙ හිතට කාවැදුන. මටත් film එකේ ගොඩක් දැනුනු කතාව තමයි ඒක.

ඒ ඉස්කෝලෙ නම් හොඳ පැත්තට හැරුන. ඒක තනියම ළමයි විතරක් කරපු දෙයක් නෙමේ. ළමයින්ට හොඳ පාරෙ යන්න ගුරුවරුත් උදවු කරන්න ඕන. එහෙම උනොත් අපිට වෙනස් වෙන්න බැරිද?



අපිට මේ දවස් වල exam. පාඩම් කරල කම්මැලි උනාම කරන්න දෙයක් නැති නිසා මම බලන්න ‍ෆිල්ම් එකක් හෙවුවා. මම Lord of the Rings film 3 ම එක දිගට බලල තිබුනෙ නැති නිස මම ඒක බලන්න පටන් ගත්ත. කොහොම උනත් පැය ගානක් loss වෙල කොහොම හරි series එකම බලල ඉවර වෙලා මම ඒක ගැන අපේ බෝඩිමේ encyclopidia එක වෙච්ච අමරෙත් එක්ක film එක ගන කතා කරා. මිනිහත් ‍ෆිල්ම් එක හොඳයි කිවුව. මෙන්න එක පාරටම මිනිහ කිවුව "මචන් උඹට තේරුනාද ඒකෙ පහර ගහල තියෙන්නෙ ආසියනු ජාතිකයන්ට " කියල කිවුවම මට උතුර දකුණ මාරු උනා. මම ඇහුව ඒ මොකද කියල. පොර කියනව "මචන් ඒකෙ හැම තිස්සෙම කියන්නෙ "devils from east" , "west people are the heroes" වගේ කතානෙ. කතාවනම් ලස්සනයි එත් ඒ ලස්සන ඇතුලෙ මහා බලවේගයක් ක්‍රියාත්මක වෙනව. බලපන් ගොඩක් ඉංග්‍රීසි ‍ෆිල්ම් වල දුශ්ටයට ඉන්නෙ කලු කොන්ඩෙ තියන උන් නෙ". මම ටිකක් වෙලා කල්පනා කරාම මට හිතුන මේකෙ මොකක් හරි ඇත්තක් තියද නැද්ද කියල ඔයගොල්ලන්ට හිතන්න ඉඩ තියන්න ඕන කියල. මේකට අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද.........

ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා. බොඩිමෙ කවුරුත් සිංහල බ්ලොග් ලියනවා. මට අවුල තිබුනෙ සිංහල typing තමා. එත් දැන් අවුලක් නැහ. මගේ යලුව තමීර අලුතින් software එකක් හැදුව ඉංගිරිසියෙන් type කරාම සින්හලට convert වෙන්න. ඉතින් මිනිහට පින්සිද්ද වෙන්න මම මගෙ කවුලුව මෙහෙම පටන් ගත්ත......

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers