මට මේ දවස් ටිකේම news වල අහන්න ලැබුනෙ campus වල යන වලි ගැනමයි. ඔන්න ඔහොම ඉන්නකොට මට හම්බවුනා නියම film එකක්. ඒකෙ නම Freedom Writers. එකේ කතා තේමාව වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ තියන ඉස්කෝලයක් ගැන. ඒ ඉස්කෝලෙ ළමයි ඉන්නෙ gangs වලට බෙදිල. සුදු-කලු කියන බේදය මෙකෙ ගොඩක් දුරට තිබුනා. ඕනම දෙයක් ඉවර උනේ උන්ඩයෙන්. මේ අතරෙ මේ පන්තියට අලුතින් teacher කෙනෙක් එනව. මේ එයා මුලින්ම උගන්නන්න එන ඉස්කෝලෙ. හැබයි ළමයි ට්ක නම් ඉගෙන ගන්න ලෑස්ති නැහ. ඒත් මේ teacher තමන්ගෙ පවුල ගැනවත් හිතන්නෙ නැතුව කොහොම හරි මේ ළමයි ටික ගොඩ ගන්න මාර උත්සාහයක් ගන්නව. මේ video එකේ තියෙන්නෙ සුදු ජාතික ළමයි ටික කළු ළමයෙකුට නෝන්ඩි කරන්න හදපු වෙලවෙ teacher කරපු කතාව. මේ කතාව ගොඩක් ළමයින්ගෙ හිතට කාවැදුන. මටත් film එකේ ගොඩක් දැනුනු කතාව තමයි ඒක.

ඒ ඉස්කෝලෙ නම් හොඳ පැත්තට හැරුන. ඒක තනියම ළමයි විතරක් කරපු දෙයක් නෙමේ. ළමයින්ට හොඳ පාරෙ යන්න ගුරුවරුත් උදවු කරන්න ඕන. එහෙම උනොත් අපිට වෙනස් වෙන්න බැරිද?

1 comments:

මාත් ආසවෙන් බලපු එකක්. ටිකක් දිගයි හැබැයි කියන්න තියන දේ හොදට කියල තියනවා. මට දුක හිතුනේ අන්තිමට ගුරුවරියගේ සැමියා ඇයව තේරුම් නොගන්න තත්වයකට පත්වීම ගැන

Post a Comment

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers