පාළුව තනිකම
විත් මගෙ මනසැට
කොදුරා කීවත්
මා තනියැයි ලොව
ඔබේ සුවඳ පොද
මා හද මඩලේ
ගැඹුරුම තැන හිඳ
විලාප දෙයි මට
මා තනි නැති බව......

ඔබ මාගේමැයි
මා ඔබගේමැයි
සිත කොදු‍රැයි මට
පහදා දෙනුමැන
සොඳුරිය මා හට
මගෙ සිතිවිලි අද
අවනත නැත මට
මේ සිත මගෙමද
වැටහෙනු නෑ මට.............

"චිංගිස් ආයිත්මාතව්ගේ" ගුරු ගීතය මට හමුවූයේ මීට වසර 5 කට පමණ පෙරය. එදා මෙදා තුර මාගේ මතකයේ ‍රැදීමට සමත් වුණු එකම පොත එය බව මා පවසූවොත් මා නිවැරදිය. මා පොත් ලෝලියකු හෝ විචාරකයකු නොවූ නිසා එහි ගැබ්වුණු අතිශය සංකීරණ කරුණු මට නොවැටහුනද, රචකයා තම අදහස පාඨකයාගේ ඇතුලන්තයට කිඳා බැස්වීමට පරිසරයේ සිදු වී ඇති වෙනස්කම් යොදා ගැනීම මා සිත් ගත්තේය.

පසුගිය දිනක මට හමුවූ "ජමිලා" පොතද ඒ හා සමාන ලෙස මා හිතට කාවැදුනු ඔහුගේ අනර්ඝ කෘතියකි.

මෙහිදී සෝවියට් රුසියාවේ එවකට පැවති සමාජ ක්‍රමය පිළිබඳව මනා විග්‍රහයක් කෙරෙන අතර ජමීලා නැමති තරුණිය හා දනියාර් නැමති ආබාධිත සොල්දාදුවා පිළිබඳ කතා නායකයා හෙවත් "සෙයිට්ගේ" රාමුව තුල කෙරෙන විග්‍රහයක් මෙම නව කතාව පුරාවට දිගැහරෙයි.

කතාව ආරම්භ වනුයේ සෙයිට්ගේ යෞවුන් වියේදී ඔහු ඇඳි සිතුවමක් දෙස බලා එයට පාදක වුණු කතාන්තරය විස්තර කරන ඔහුගේ වදන් වලිනි. පොත පුරාවට දිගහැරෙන සුන්දර කතාවේ එක්තැනකදී දානියර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දානියර්ව විස්තර කරන ආකාරය මගේ සිතට තදින් කාවැදිනි.

"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත. එය සප්‍රාණික පුද්ගලයකුට ආලය කිරීමක් නොව, පොදුවේ ජීවිතයට හා මවුබිමට ආලය කිරීමකි. ඔහු එම ආල්ය සඟවාගෙන, එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජීවන ශක්තිය ලබා ගත්තේය. කොතරම් හොඳ කට හඩක් තිබුනද උදාසීනත්වයෙන් පෙලෙන්නෙකුට එලෙස ගායනා කල නොහැක. "

කතාවේ අවසානය මට ගෙනදුන්නේ ඉතා ශෝඛාකූල හැගීමකි.

"මගේ ඉතාම ආදරණීය සහ මට ඉතාම සමීප දෙදෙනා ගෙන් මම සමුගතිමි. මහ පොළොවේ වැතිර සිටි මට හිටි හැටියේම මා ජමිලාට ආලය කරන බව වැටහිණි. ඔව්, එය මාගේ ප්‍රතම කුළුදුල් ළමා ආලය විය. තෙතබරි වැලමිටි වලට හිස තද ක‍රැගෙන මම බොහෝ වේලාවක් වැතිර සිටියෙමි. මා සමුගත්තේ ජමිලාගෙන් සහ දනියාර්ගෙන් පමණක් නොවේ. මගේ ළමා වියෙන් පවා මම සමු ගත්තෙමි "

එය ඉතා සංවේදීය. ඒ සංවේදි හැගීම් විසින් මා මේ සටහන තැබීමට පොළඹවන ලද්දා විය යුතුය......

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers