පාළුව තනිකම
විත් මගෙ මනසැට
කොදුරා කීවත්
මා තනියැයි ලොව
ඔබේ සුවඳ පොද
මා හද මඩලේ
ගැඹුරුම තැන හිඳ
විලාප දෙයි මට
මා තනි නැති බව......
ඔබ මාගේමැයි
මා ඔබගේමැයි
සිත කොදුරැයි මට
පහදා දෙනුමැන
සොඳුරිය මා හට
මගෙ සිතිවිලි අද
අවනත නැත මට
මේ සිත මගෙමද
වැටහෙනු නෑ මට.............
1 comments:
නිවාඩු කාලෙ කවි සිතිවිලි පහළ වෙලා වගේ!
එළ එළ!
Post a Comment