Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts

දහසකුත් එකක් පාඩම් වැඩ අතරෙ ගෙවුනු ඒ වසර දෙක තුලම
මා ලඟ තනි නොතනියට හිටපු
මගේ දුකේදී, ඒක උඹලගෙම දුකක් කර ගතපු
මගේ සතුටේදී මටත් වඩා සතු‍ටු වුනු
ජීවිතේ මම වැටෙන වේලාවේදී මාව උස්සල තියපු
එදා මෙදා තුර මට ලැබුනු හොඳම හොඳ මිතුරු කැල උඹලාමයි යාළුවේ

ඉස්කෝලෙදි අඳුරගෙන තිබුනත්
හිතුවෙ නෑ උඹල මට මට මෙච්චර ලංවෙයි කියල

මතකද අපි මුලින්ම බෝඩිමට ආපු දවස
අපි එදා හිටියෙ හරියට තරහ කාරයො ටිකක් වගේ
ඒත් අද වෙනකොට උඹලා මගේ ජීවිතේට කොච්චර ලංවෙලාද කියල
තේරෙන්නෙ උඹලගෙන් ඈත් උනාමයි බං......

එකම අම්මගෙ දරුවො වගේ අපි එකට හිටිය
හැමදාම මොකකට හරි රණ්ඩුවෙනව ඒත් ඊලඟ දවසෙ ඒක මතක නැහ
මාර ආතල් බං.
එත් අපි 10 දෙනා තවත් කවම දාකවත් එක බෝඩිමක ඉන්න එකක් නැහ මචෝ...

අද අපි දහ දෙනා 10 පලක
චිත්‍රාල් අද රට ගියා :(
ආපහු ඌ එනකොට මොනවගේ වෙනස් වෙලා එයිද දන්න්නෙ නැහ...
ඌ එනකොට අපි මොනවගේ වෙනස් වෙලා තියෙයිද දන්නෙ නැහ

අපේ ජීවිතේ, අනාගතේ හොඳට හදා ගන්න කියල අපි මේ දුවන රේස් එකේ
තේරුමක් තියද කියල මට එක වෙලාවකට හිතෙනව බං
ගෙවුනු අවුරුදු දෙකෙන් මට මතක අපි ‍රැට සෙට් වෙලා
රටට වැඩක් කරන්න
කැම්පස් එක වෙනස් කරන්න
රටේ දේශපාලනේ ගැන
අපේ බොඩිමේ කොල්ලොන්ට තියන ප්‍රශ්ණ ගැන
ගහපු ප්ලෑන් විතරයි බං

මොනව උනත් මට උඹලව දාල මාස 6 කට වෙනම ලෝකයකට යන්න වෙලා.....
අපහු එනකොටත් උඹලගෙ ඔය ගුණ සුවඳ ඔය විදියටම තියා ගනින් මචං.....
උඹල කාටත් බුදු සරණයි........

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers