දහසකුත් එකක් පාඩම් වැඩ අතරෙ ගෙවුනු ඒ වසර දෙක තුලම
මා ලඟ තනි නොතනියට හිටපු
මගේ දුකේදී, ඒක උඹලගෙම දුකක් කර ගතපු
මගේ සතුටේදී මටත් වඩා සතුටු වුනු
ජීවිතේ මම වැටෙන වේලාවේදී මාව උස්සල තියපු
එදා මෙදා තුර මට ලැබුනු හොඳම හොඳ මිතුරු කැල උඹලාමයි යාළුවේ
ඉස්කෝලෙදි අඳුරගෙන තිබුනත්
හිතුවෙ නෑ උඹල මට මට මෙච්චර ලංවෙයි කියල
මතකද අපි මුලින්ම බෝඩිමට ආපු දවස
අපි එදා හිටියෙ හරියට තරහ කාරයො ටිකක් වගේ
ඒත් අද වෙනකොට උඹලා මගේ ජීවිතේට කොච්චර ලංවෙලාද කියල
තේරෙන්නෙ උඹලගෙන් ඈත් උනාමයි බං......
එකම අම්මගෙ දරුවො වගේ අපි එකට හිටිය
හැමදාම මොකකට හරි රණ්ඩුවෙනව ඒත් ඊලඟ දවසෙ ඒක මතක නැහ
මාර ආතල් බං.
එත් අපි 10 දෙනා තවත් කවම දාකවත් එක බෝඩිමක ඉන්න එකක් නැහ මචෝ...
අද අපි දහ දෙනා 10 පලක
චිත්‍රාල් අද රට ගියා :(
ආපහු ඌ එනකොට මොනවගේ වෙනස් වෙලා එයිද දන්න්නෙ නැහ...
ඌ එනකොට අපි මොනවගේ වෙනස් වෙලා තියෙයිද දන්නෙ නැහ
අපේ ජීවිතේ, අනාගතේ හොඳට හදා ගන්න කියල අපි මේ දුවන රේස් එකේ
තේරුමක් තියද කියල මට එක වෙලාවකට හිතෙනව බං
ගෙවුනු අවුරුදු දෙකෙන් මට මතක අපි රැට සෙට් වෙලා
රටට වැඩක් කරන්න
කැම්පස් එක වෙනස් කරන්න
රටේ දේශපාලනේ ගැන
අපේ බොඩිමේ කොල්ලොන්ට තියන ප්‍රශ්ණ ගැන
ගහපු ප්ලෑන් විතරයි බං
මොනව උනත් මට උඹලව දාල මාස 6 කට වෙනම ලෝකයකට යන්න වෙලා.....
අපහු එනකොටත් උඹලගෙ ඔය ගුණ සුවඳ ඔය විදියටම තියා ගනින් මචං.....
උඹල කාටත් බුදු සරණයි........
ඔන්න ඉතින් ගියපාර ලියපු මම කැමතී නෑනට විරිදුවට තිබුනු comment එකක තිබුනා youtube link එකක් නෛනගෙ සුදුවේ. ඉතින් මට හිතුන එකත් ඔයාලට බලන්න ලියන්න ඕන කියල. මේකෙ දෙමළෙන් කියන ටිකනම් වැරදි ඇති කවුරු හරි දන්නවනම් comment එකක් දාන්නකො.
මේකෙන් කිය වෙන්න Sir ජෝන් කොතලාවල ගැන. මදුර ජවනිකා කියන නාටකයේ ජැක්සන් ඇන්තනි සහ අනුලා බුලත්සින්හල තමයි විරිදුව කියන්නෙ. ඔයාලත් අහල රස විදින්නකෝ...
පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ
කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්‍රිසි රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට
ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට
සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්‍ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට
සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට
අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට
නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට
එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න
සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න
ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට
ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක් නෝට්‍ටු කොල දැම්ම ඊට
නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට
දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට
එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට
ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත
ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට
තට්‍ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න
බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට
දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්‍ටු පොලට
බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය
එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය
දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය
කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය
කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට
පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න
දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න
ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න
කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න
වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට
උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න
ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට
අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට
නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට
ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට
එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට
දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න
එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න
හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට
මම අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා අහපු මම මාර ආස විරිඳුවක් ආපහු මේ ලඟදි ආපහු අහන්න ලැබුනා. ඒකෙ නම "මම කැමතී නෑනට". ඔයාලත් අහල බලන්නකෝ.
ජය පැන් බොන සෙබළ රැලක් ... උලතෙත හඬ තල තලා....
රස කර මම පවසන්නෙමි.... මිණි කිංකිනි සොලවලා....
අසනු මැනවි අසනු මැනවි ... අසනු මැනවි තුටු වෙලා.....
පරයනු ඉදුනිල් කැට... දෙනෙතෙහි ඇති කැල්මට...
වසඟ නොවන්නේ කවුරුද... නෑනගෙ එක බැල්මට...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
මැල්ලුමකට පොල්පලා... නෙලන්න සිහිනිඟ සලා...
යනවිට රණ මොනරි වගෙයි.. මගෙ හද කුල්මත් වෙලා..
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
පොත්ටික තුරුලට අරන්... මුව මදහස රැලි කරන්...
පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරං...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
අඩ සඳ වන් නළලතේ .. චන්දන තිලකය ඇතේ..
රිකිපිල වැනි කෙස් කලඹට කිතුල් රෑන පැරදෙතේ...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
මුහුදෙහි රළ පෙල කැටී... ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගේ ආදරයට.. ආසිරි මල් වැසි වසී..
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
නෑඹුල් හිත කිති කැවී.. නව රසඳුන් තරතවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න.. එනවද මදු මාදවී...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
ඔබෙන් ලැබෙන තොත්තුවේ.. රසයට හද පත්තු වේ...
කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ..
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
කරදර බාධක මැද්දේ.. දිවිගඟ පහලට ඇද්දේ..
ගල් පර මැද පෙරමුණේ.. මොන නදියද නැවතුනේ...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//
අයියෝ.... level 3 project වැඩ වලට හිරවෙලා blog post එකක් වත් දාන්න බැරි උනා. කාලෙකට පස්සේ දාන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්න කොට "සියපත" පත්තරේ තිබිලා නියම ලිපියක් හමු උනා බොබ් මාලේ ගැන. මට හිතුන ඒකෙ තිබුනු ඡේදයක් ලියන්න.
"පසුගිය 2008 බෙයිජිං ඔලිම්පික් උළෙල ඉතා මනස්කාන්ත දැක්මක් විය. චීන්නු ස්වකීය සෞන්දර්ය කාමයත්, නිර්මාණශීලී හැකියාවත් විද්‍යාත්මක දැනුමත් ලොවටම ප්‍රකාශ කලහ. එයට අමතරව ලෝක ඉතිහාසයේ කිසිම ධාවන තරගයකදී නොවූ සිදුවීමක් ද සමස්ත ඔලිම්පික් තරගාවලියේ උණුසුම් ම ඉසව්ව වූ මීටර් 100 අවසාන මහා තරගයේදී සිදුවිය. එනම් එක් තරගකරුවෙක් නටමින් ධාවනයේ යෙදීමයි. නටමින් ධාවනයේ යේදී වුවද ඔලිම්පික් වාර්තාව පමණක් නොව ලෝක වාර්තාව ද බිඳ දමමින් මීටර් 100ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඔහු උසේන් බෝල්ට්ය.
"ඔහුද බොබ් මාලේ මෙන් ම ජැමෙයිකාවේ කලු අප්‍රිකානුවෙකි. අවසාන මීටර් 20 ඔහු දිව්වාට වඩා නැටුවා යැයි කිව හැකිය. පසුව නොර්වේ විද්්‍යාඥයන් රැසක් එක්ව එහි වීඩියෝ දර්ශන ආශ්‍රයෙන් පරීක්ශණයක් කළහ.ඒ පරීක්ශණයේ නිගමනය වූයේ උසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් දිවූවේ නැත්නම් ඔහුට තත්පර 9.68 කින් නොව 9.59 කින් තරගය අවසන් කිරීමට හැකිවන බවය. නැටුම නිසා ඔහුගේ වේගය අඩාල වූ බවය. මේ පරීක්ශණයෙන් හා නිගමනයෙන් පෙනෙන්නේ සුදු ගොන් මොලයේ තරමය. සුදු ජාතිකයන්න්ට නැති මේ කලු ජාතික ජවය උපදින්නේ ජීවිතය වින්දනය කිරීම සඳහා වන කලු අප්‍රිකානුවන්ගේ ආසාව හා පුරුද්ද තුලින් බව ඔවුන්ට නොවැටහේ. උසේන් බෝල්ට් තරඟ කලේ අනුන් පැරදවීමට නොව තමාම ජයග්‍රහණය කිරීමටය. තමාගේ වින්දනය උදෙසාය. නරඹන්නන්ගේ වින්දනය උදෙසාය. සුද්දන්ගේ එකම අරමුණ ලෝක වාර්තාව වුවත් මේ කලු අප්‍රිකානුවන්ට ලෝක වාර්තා වලට වඩා වටිනා දේවල් තිබේ. උසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් පෙන්නුවේ එයයි. එහෙත් මේ සැහැල්ලු ආකල්පය නිසාම සුද්දන්ට බිඳිය නොහැකි ලෝක වාර්තා තැබීමට කල්ලන්ට හැකිවී තිබේ. වහලා වහල් හිමියා තරම් වහලෙක් නොවේ. වහලා වන කලු අප්‍රිකානුවාට වඩා වහල් හිමියා වන සුද්දා තවමත් වහලෙකි. බොබ් මාලේ මහන්න්සි වූයේ මේ සත්‍ය ලොවට පැවසීම උදෙසාය."
පසුගිය දිනක මට හමුවූ "ජමිලා" පොතද ඒ හා සමාන ලෙස මා හිතට කාවැදුනු ඔහුගේ අනර්ඝ කෘතියකි.
මෙහිදී සෝවියට් රුසියාවේ එවකට පැවති සමාජ ක්‍රමය පිළිබඳව මනා විග්‍රහයක් කෙරෙන අතර ජමීලා නැමති තරුණිය හා දනියාර් නැමති ආබාධිත සොල්දාදුවා පිළිබඳ කතා නායකයා හෙවත් "සෙයිට්ගේ" රාමුව තුල කෙරෙන විග්‍රහයක් මෙම නව කතාව පුරාවට දිගැහරෙයි.
කතාව ආරම්භ වනුයේ සෙයිට්ගේ යෞවුන් වියේදී ඔහු ඇඳි සිතුවමක් දෙස බලා එයට පාදක වුණු කතාන්තරය විස්තර කරන ඔහුගේ වදන් වලිනි. පොත පුරාවට දිගහැරෙන සුන්දර කතාවේ එක්තැනකදී දානියර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දානියර්ව විස්තර කරන ආකාරය මගේ සිතට තදින් කාවැදිනි.
"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත. එය සප්‍රාණික පුද්ගලයකුට ආලය කිරීමක් නොව, පොදුවේ ජීවිතයට හා මවුබිමට ආලය කිරීමකි. ඔහු එම ආල්ය සඟවාගෙන, එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජීවන ශක්තිය ලබා ගත්තේය. කොතරම් හොඳ කට හඩක් තිබුනද උදාසීනත්වයෙන් පෙලෙන්නෙකුට එලෙස ගායනා කල නොහැක. "
කතාවේ අවසානය මට ගෙනදුන්නේ ඉතා ශෝඛාකූල හැගීමකි.
"මගේ ඉතාම ආදරණීය සහ මට ඉතාම සමීප දෙදෙනා ගෙන් මම සමුගතිමි. මහ පොළොවේ වැතිර සිටි මට හිටි හැටියේම මා ජමිලාට ආලය කරන බව වැටහිණි. ඔව්, එය මාගේ ප්‍රතම කුළුදුල් ළමා ආලය විය. තෙතබරි වැලමිටි වලට හිස තද කරැගෙන මම බොහෝ වේලාවක් වැතිර සිටියෙමි. මා සමුගත්තේ ජමිලාගෙන් සහ දනියාර්ගෙන් පමණක් නොවේ. මගේ ළමා වියෙන් පවා මම සමු ගත්තෙමි "
එය ඉතා සංවේදීය. ඒ සංවේදි හැගීම් විසින් මා මේ සටහන තැබීමට පොළඹවන ලද්දා විය යුතුය......