පසුගිය දිනක මට හමුවූ "ජමිලා" පොතද ඒ හා සමාන ලෙස මා හිතට කාවැදුනු ඔහුගේ අනර්ඝ කෘතියකි.
මෙහිදී සෝවියට් රුසියාවේ එවකට පැවති සමාජ ක්‍රමය පිළිබඳව මනා විග්‍රහයක් කෙරෙන අතර ජමීලා නැමති තරුණිය හා දනියාර් නැමති ආබාධිත සොල්දාදුවා පිළිබඳ කතා නායකයා හෙවත් "සෙයිට්ගේ" රාමුව තුල කෙරෙන විග්‍රහයක් මෙම නව කතාව පුරාවට දිගැහරෙයි.
කතාව ආරම්භ වනුයේ සෙයිට්ගේ යෞවුන් වියේදී ඔහු ඇඳි සිතුවමක් දෙස බලා එයට පාදක වුණු කතාන්තරය විස්තර කරන ඔහුගේ වදන් වලිනි. පොත පුරාවට දිගහැරෙන සුන්දර කතාවේ එක්තැනකදී දානියර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දානියර්ව විස්තර කරන ආකාරය මගේ සිතට තදින් කාවැදිනි.
"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත. එය සප්‍රාණික පුද්ගලයකුට ආලය කිරීමක් නොව, පොදුවේ ජීවිතයට හා මවුබිමට ආලය කිරීමකි. ඔහු එම ආල්ය සඟවාගෙන, එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජීවන ශක්තිය ලබා ගත්තේය. කොතරම් හොඳ කට හඩක් තිබුනද උදාසීනත්වයෙන් පෙලෙන්නෙකුට එලෙස ගායනා කල නොහැක. "
කතාවේ අවසානය මට ගෙනදුන්නේ ඉතා ශෝඛාකූල හැගීමකි.
"මගේ ඉතාම ආදරණීය සහ මට ඉතාම සමීප දෙදෙනා ගෙන් මම සමුගතිමි. මහ පොළොවේ වැතිර සිටි මට හිටි හැටියේම මා ජමිලාට ආලය කරන බව වැටහිණි. ඔව්, එය මාගේ ප්‍රතම කුළුදුල් ළමා ආලය විය. තෙතබරි වැලමිටි වලට හිස තද කරැගෙන මම බොහෝ වේලාවක් වැතිර සිටියෙමි. මා සමුගත්තේ ජමිලාගෙන් සහ දනියාර්ගෙන් පමණක් නොවේ. මගේ ළමා වියෙන් පවා මම සමු ගත්තෙමි "
එය ඉතා සංවේදීය. ඒ සංවේදි හැගීම් විසින් මා මේ සටහන තැබීමට පොළඹවන ලද්දා විය යුතුය......

මට මේ දවස් ටිකේම news වල අහන්න ලැබුනෙ campus වල යන වලි ගැනමයි. ඔන්න ඔහොම ඉන්නකොට මට හම්බවුනා නියම film එකක්. ඒකෙ නම Freedom Writers. එකේ කතා තේමාව වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ තියන ඉස්කෝලයක් ගැන. ඒ ඉස්කෝලෙ ළමයි ඉන්නෙ gangs වලට බෙදිල. සුදු-කලු කියන බේදය මෙකෙ ගොඩක් දුරට තිබුනා. ඕනම දෙයක් ඉවර උනේ උන්ඩයෙන්. මේ අතරෙ මේ පන්තියට අලුතින් teacher කෙනෙක් එනව. මේ එයා මුලින්ම උගන්නන්න එන ඉස්කෝලෙ. හැබයි ළමයි ට්ක නම් ඉගෙන ගන්න ලෑස්ති නැහ. ඒත් මේ teacher තමන්ගෙ පවුල ගැනවත් හිතන්නෙ නැතුව කොහොම හරි මේ ළමයි ටික ගොඩ ගන්න මාර උත්සාහයක් ගන්නව. මේ video එකේ තියෙන්නෙ සුදු ජාතික ළමයි ටික කළු ළමයෙකුට නෝන්ඩි කරන්න හදපු වෙලවෙ teacher කරපු කතාව. මේ කතාව ගොඩක් ළමයින්ගෙ හිතට කාවැදුන. මටත් film එකේ ගොඩක් දැනුනු කතාව තමයි ඒක.
ඒ ඉස්කෝලෙ නම් හොඳ පැත්තට හැරුන. ඒක තනියම ළමයි විතරක් කරපු දෙයක් නෙමේ. ළමයින්ට හොඳ පාරෙ යන්න ගුරුවරුත් උදවු කරන්න ඕන. එහෙම උනොත් අපිට වෙනස් වෙන්න බැරිද?
අපිට මේ දවස් වල exam. පාඩම් කරල කම්මැලි උනාම කරන්න දෙයක් නැති නිසා මම බලන්න ෆිල්ම් එකක් හෙවුවා. මම Lord of the Rings film 3 ම එක දිගට බලල තිබුනෙ නැති නිස මම ඒක බලන්න පටන් ගත්ත. කොහොම උනත් පැය ගානක් loss වෙල කොහොම හරි series එකම බලල ඉවර වෙලා මම ඒක ගැන අපේ බෝඩිමේ encyclopidia එක වෙච්ච අමරෙත් එක්ක film එක ගන කතා කරා. මිනිහත් ෆිල්ම් එක හොඳයි කිවුව. මෙන්න එක පාරටම මිනිහ කිවුව "මචන් උඹට තේරුනාද ඒකෙ පහර ගහල තියෙන්නෙ ආසියනු ජාතිකයන්ට " කියල කිවුවම මට උතුර දකුණ මාරු උනා. මම ඇහුව ඒ මොකද කියල. පොර කියනව "මචන් ඒකෙ හැම තිස්සෙම කියන්නෙ "devils from east" , "west people are the heroes" වගේ කතානෙ. කතාවනම් ලස්සනයි එත් ඒ ලස්සන ඇතුලෙ මහා බලවේගයක් ක්‍රියාත්මක වෙනව. බලපන් ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් වල දුශ්ටයට ඉන්නෙ කලු කොන්ඩෙ තියන උන් නෙ". මම ටිකක් වෙලා කල්පනා කරාම මට හිතුන මේකෙ මොකක් හරි ඇත්තක් තියද නැද්ද කියල ඔයගොල්ලන්ට හිතන්න ඉඩ තියන්න ඕන කියල. මේකට අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද.........
