ඔන්න ඉතින් ගියපාර ලියපු මම කැමතී නෑනට විරිදුවට තිබුනු comment එකක තිබුනා youtube link එකක් නෛනගෙ සුදුවේ. ඉතින් මට හිතුන එකත් ඔයාලට බලන්න ලියන්න ඕන කියල. මේකෙ දෙමළෙන් කියන ටිකනම් වැරදි ඇති කවුරු හරි දන්නවනම් comment එකක් දාන්නකො.


මේකෙන් කිය වෙන්න Sir ජෝන් කොතලාවල ගැන. මදුර ජවනිකා කියන නාටකයේ ජැක්සන් ඇන්තනි සහ අනුලා බුලත්සින්හල තමයි විරිදුව කියන්නෙ. ඔයාලත් අහල රස විදින්නකෝ...





පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ

දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද

තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ

කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ


කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්‍රිසි රජුන්ට

කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට

පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට

ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට


සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර

නගින්න එහි තට්‍ටු හතයි යටටත් ඒ තරම් විතර

තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර

පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර


මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට

සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට

ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට

එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට


අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට

නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට

ආණ්ඩුවත් සතු‍ටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට

සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට


එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට

ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න

සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට

ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න


ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට

ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට

අරගත්තා බෑග් එකක් නෝට්‍ටු කොල දැම්ම ඊට

නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට


දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට

එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට

ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත

ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට


තට්‍ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට

ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න

බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට

දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්‍ටු පොලට


බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය

එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය

දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය

කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය



කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට

ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට

දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට

තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට


පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න

දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න

ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට

ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න


කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න

වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට

උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට

දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න


ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට

අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට

ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට

මුනින් වැ‍ටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට


නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට

ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට

හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට

ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට


එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට

පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට

දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න

කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න


එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න

හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට

හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට

එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට

4 comments:

මම හරිම ආසා විරිදු එකක් මේක..
ස්තුතියි...

/බිඟුවා...!

පිටින් ආපු හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට

ආසම විරිදුවක් කොච්චර ඇහුවත් මතක හිටින්නෙ නෑ. අද තමයි මේක කියවල තව දුරටත් රස වින්දෙ. මේ වගේ දේවල් තව ඇති නේ.
සුභ දවසක්

ඔබ වගේම මමත් මේ විරිදුවට කැමතියි.

එච්. ඒ. පියදාස යන අයගේ කවි කොලය ඇසුරින් තමයි දයානන්ද ගුණවර්ධන මහත්මයා මෙය මධුර ජවනිකා වේදිකා නාට්‍යයට යොදාගෙන තිබෙන්නේ.

මෙහි කියවෙන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා ගැන නොවෙයි. ඔහුගේ පියා ගැන.

මෙය සාහිත්‍යමය වටිනාකමක් ඇති එකක් නිසා ඔබගේ සටහනේ ඇති අඩු පාඩු නිවැරදි කරන ලද නිවැරදිම පෙළ මේ සමග ඇත. (දෙමළ කොටස් වල අඩුපාඩු ඇති)

මෙය කිසිසේත්ම ඔබගේ උත්සාහය අවතක්සේරු කිරීමක් නොවේ. මෙවැනි දිග නිර්මාණයක් සටහන් කර ගැනීමට තිබෙන අපහසුතාවය මමත් දනිමි.

ඔබට ජය!


නෙයිනගෙ සූදුව

පළමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝරත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

සිරින් සපිරි අපෙ ලක්දිව අසු වුණි ඉංග්‍රිස් රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොලොම් පුරට
ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

සොඳින් මසං ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර
නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

එකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
හිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව අපි පෙලින් පෙලට

අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට
නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

එක්ක ගොසින් පොලිස් බටයො දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අඳින්ට
සල්ලි දීලා ඔවුන් අතට යන්න කීව සූදු පොළට
ඊට පස්සෙ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
ගාගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
නැග ගත්තා රික්ෂෝවක අපෙ මැතිඳා යයි විගහට

දකිමින් මේ හෙට්ටි අයියා නෙයින හලං දැම්මා හොඳට
“එන්න කාරියම් වන්දදු සංගදි සොල්ලුම් ගෝමට
නව වන්දදු විලයාට්ටු හිපංකාර ඔන්ඩ කිත්ත”
ඔන්න ඉතින් වා වා කියල එක්ක ගියා ගේ ඇතුළට

තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිඳුට අනින්ට
වා සෙන් කිව්වා නෙයිනා එළුව ගියා දුන්නු අණට
දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චණ්ඩියා තමයි සේදවත්තෙ ජෝන් ගොයියා
දිනන්න අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටියා
කොහෙන් ආපු දෙමළෙක්දැයි චණ්ඩි ජෝන් නැගිට සිටියා

කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
දුන්නා මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
ඉන්ට හිටින්ටත් බැරි වුණි මළ මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට

කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුණාට ඉදිරිපිටට
උඹද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෙයිනා පැන විජහට
අතින් පයින් නෙවෙයි ඔන්න කාණු හතයි පිස්තෝලෙට
ගනින් මේක කිව්ව නමුත් පත්තු නොවුණි මැතිඳු පිනට
මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනික් අයට
ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරි වුණි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මැතිඳ ගත්ත ඔවුන් හැම එලියට
ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයින්ට

එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් වගේ ඔවදන් දී දුසිරිතයෙන් වළකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ මැතිඳුනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැඳ ගියයි යන්ට

එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තිබෙයි හොඳට
හිටියා නම් අද වෙනතුරු රජ කරනව ලංකාවට
එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට

Post a Comment

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers