මම අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා අහපු මම මාර ආස විරිඳුවක් ආපහු මේ ලඟදි ආපහු අහන්න ලැබුනා. ඒකෙ නම "මම කැමතී නෑනට". ඔයාලත් අහල බලන්නකෝ.





ජය මංගල ගී තාලෙට... පිඹ පිඹ බට දඬු නළා...

ජය පැන් බොන සෙබළ ‍රැලක් ... උලතෙත හඬ තල තලා....

රස කර මම පවසන්නෙමි.... මිණි කිංකිනි සොලවලා....

අසනු මැනවි අසනු මැනවි ... අසනු මැනවි තු‍ටු වෙලා.....

පරයනු ඉදුනිල් කැට... දෙනෙතෙහි ඇති කැල්මට...

වසඟ නොවන්නේ කවුරුද... නෑනගෙ එක බැල්මට...

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

මැල්ලුමකට පොල්පලා... නෙලන්න සිහිනිඟ සලා...

යනවිට රණ මොනරි වගෙයි.. මගෙ හද කුල්මත් වෙලා..

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

පොත්ටික තුරුලට අරන්... මුව මදහස ‍රැලි කරන්...

පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරං...

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

අඩ සඳ වන් නළලතේ .. චන්දන තිලකය ඇතේ..

රිකිපිල වැනි කෙස් කලඹට කිතුල් රෑන පැරදෙතේ...

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

මුහුදෙහි රළ පෙල කැටී... ගමන සදිසි යන ලැසී...

ඇගෙයි මගේ ආදරයට.. ආසිරි මල් වැසි වසී..

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

නෑඹුල් හිත කිති කැවී.. නව රසඳුන් තරතවී..

මගෙ දුප්පත් පැලේ ඉන්න.. එනවද මදු මාදවී...

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

ඔබෙන් ලැබෙන තොත්තුවේ.. රසයට හද පත්තු වේ...

කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ..

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

කරදර බාධක මැද්දේ.. දිවිගඟ පහලට ඇද්දේ..

ගල් පර මැද පෙරමුණේ.. මොන නදියද නැවතුනේ...

මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

11 comments:

:D elazzzzzzz

අඩා... පට්ට මචං.. මාරයි..

නියමයි.....මරේ.....මරු

කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ.....
elaaaaaaaaaa...............

http://www.youtube.com/watch?v=9Fil22QxXks&feature=related

I have an amr clip of this one. Awesome!

මරු බන්..

පට්ටම ...

එලම කිරි

supiri :D

ගන්නට ඔබ වාඩුවක්... නැහැ මට ඉන් පාඩුවක්...
හදමුද අපි කූඩුවක්... වෙමුද පරෙවි ජෝඩුවක්...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

මේ ටික නෑ නෙ

Post a Comment

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers